වත්මන් රජය දෙමළ ජනතාව ගැන අවධානය යොමු කළ යුතුයි

වත්මන් රජය ද දෙමළ ජනතාවගේ ගැටලු කෙරෙහි අවධානය යොමු නොකළහොත් ඊට එරෙහිව කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ වව්නියාව දිස්ත්‍රික් නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ වත්මන් රජය කෙරෙහි විශ්වාසයෙන් පසුවන බවයි.


උතුරේ ඉඩම් නැවත පවරාගැනීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයාබැලීම ආදී ගැටලු නිරාකරණය කරගැනීම සදහා උතුරේ දෙමළ ජනතාව වත්මන් රජයට සහයෝගය පල කළ බව මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.


එම ගැටලු නිරාකරණය නොකර වත්මන් රජය ද පැවති රජයන් මෙන් කටයුතු කළහොත් ඊට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු සඳහන් කළේය.



Post a Comment