සංගා‍‍ගේ මහන්සිය වතුරේ - 6 වන තරඟයත් නවසීලන්තය ජයගනියි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු 6 වන එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය ලබාගත් නවසීලන්ත කණ්ඩායම කඩුළු 8ක් දැවී පන්දුවාර සියල්ල අවසානයේ ලකුණු 315ක් ලබා ගන්නා ලදී.


එහිදී ඉතා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ විලියම්සන් ලකුණු 97ක් ලබා ගත් අතර එල්.ටේලර් ලකුණු 96ක් ලබා ගැනීමට සමත් විය.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 195ක් පමණි.


ඒ පන්දුවාර 40.3 ක් අවසානයේ සියලුම කඩුලු දැවිගොසින්ය.


මෙහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් වෙනුවෙන් ඉතා අගනා ලකුණු 81ක් ලබා ගැනීමට කුමාර සංගක්කාර සමත් වුණි. -


ඒ අනුව 6වන එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.



Post a Comment