ජනපති ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනියි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගෙන තිබේ.

මෙහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලෙගම සිරිනිවාස හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ජය පිරිත් දේශනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


මෙම අවස්ථාවට වැඩම කර සිටි මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥාණතිලක ,ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රැළපානාවේ ධම්මජෝති යන නායක ස්වාමීන් වහන්සේලා සමඟ ද ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිරත වී තිබේ.


මෙහිදී ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි සිටි සැදැහැවතුන් සමග ද ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



Post a Comment