සිව් පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවේ

වෙන්නප්පුව , නයිනමඩම ප‍්‍රදේශයේ වෛද්‍යවරියක් ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ නිවස පිටුපස කොහු මෝලක මුරකරුවෙකු ලෙස සේවය කළ අයෙකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


මෙම ඝාතනය සිදුකර ඇත්තේ අදාළ සැකකාර මුරකැරවා සහ ඔහුගේ අනියම් බිරිඳ සමඟ එක්ව බව මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියේය.


මේ වන විටත් අදාළ සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බවද වාර්තා වෙයි.



Post a Comment