සිව් පුද්ගල ඝාතකයා මා ඔයට පැන සියදිවි නසාගනියි

වෙන්නප්පුව , නයිනමඩම ප‍්‍රදේශයේදී එකම පවුලේ සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා මා ඔයට පැන දිවි හානිකර ගෙන තිබේ.

අදාළ ඝාතනය සිදුකිරීමට යොදාගත් ආයුධය සොයාගැනීම සඳහා යන අවස්ථාවේ ඔහු තෝප්පුව ප‍්‍රදේශයේ පාලමෙන් මාඔයට පැන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.


සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගැණුනේ ගල්කිරියාගම දේවහූව ප‍්‍රදේශයේදීය



Post a Comment