සූර් රියදුරන් 1298 පොලිස් දැලේ

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ විශේෂ මෙහෙයුම යටතේ මේ වන විට රියදුරන් 1298 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර යතුරුපැදිකරුවන් 659 දෙනෙකු සහ ත්‍රීරෝද රථ රියදුරන් 466 දෙනෙකු වන බව සඳහන්වෙයි.


ඊයේ(02) පෙරවරු 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ බීමත් රියදුරන් 146 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.


උත්සව සමය හේතුවෙන් දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් පසුගිය 24 වැනිදා සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබේ.



Post a Comment