කුමන්ත්‍රණයක් සිදුවීද යන්න පිළිබඳ මේවන විට පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, එකී පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත්වනතුරු තමා කිසිවක් නොකියන බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.
එසේ වුවද කොළඹ ඩී.එස් සේනානායක මහා විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට හා කොළඹ රාජකීය මහා විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ආරක්ෂක හමුදා ඇතුළුවූ බවට පළවූ වාර්තාවල සත්‍යතාවක් නොමැති බවත්, එවැන්නක් සිදුනොවූ බවට තමා ප්‍රකාශයක් කළ බව සත්‍යයක් බවත් දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේය.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට යොදවා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකාය බවත් , එසේ වුවද කොළම තැන තැන ආරක්ෂක හමුදා භට පිරිස් සිටි බවට තමාට පැමිණිලි ලැබුණු බවත් ඔහු කියා සිටියේය.
විශේෂයෙන්ම මීගමුවේ එලෙස ආරක්ෂක හමුදාවන් යොදවා තිබුණු බවට පැමිණිලි ලැබුණු බව කොමසාරිස්වරයා කියා සිටියේ අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවේදීය.
එසේ වුවද ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම වැළැක්වීමේ උත්සාහයක් නොතිබුණු බවත්, අළුයම 3.18-4.11 පමණ කාලය තුළ ප්‍රමාදයක් සිදුවුණු බව පිළිගන්නා බවත් දේශප්‍රිය මහතා අවධාරණය කළේය.
එකී ප්‍රමාදය සිදුවූයේද තමාගේ හෝ තම නිලධාරීන්ගේ ප්‍රමාද දෝෂයක් නිසා නොව අදාළ කාරණයේදී තාක්ෂණික සහය සැපයූ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ තාක්ෂණික දෝෂයක් නිසා බව ඔහු පෙන්වාදුන්නේය.

Post a Comment