රහස් පොලීසිය ජී.එල්ගෙනුත් ප්‍රශ්න කරයි

ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දී අරලියගහ මන්දිරයේ සිදුවූ බව කියන කුමන්ත්‍රණය ගැන රහස් පොලීසිය හිටපු විදේශ කටයුතු ඇමති ජී.එල් පීරිස් මහතාගෙන් ද ප්‍රශ්න කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ඇමතිවරයාගෙන් ඊයේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට විදේශ ඇමති මංගල සමරවීර මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.


ඒ අනූව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගෙන් ද රහස් පොලීසිය පසුගියදා ප්‍රශ්න කර තිබුණි.



Post a Comment