කුමරන් පද්මනාදන් හෙවත් කේ.පීට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ හෙට(19) දිනයේ මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත බවයි.
එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර අංශයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආවද මෙතෙක් ඔහු සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
හෙට දිනයේ දී අධිකරණය හමුවේ කුමරන් පද්මනාදන්ට එරෙහිව ඇති චෝදනා ගොනු කර නීත්‍යානුකූලව ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment