මග මරුවා තවත් ජීවිතයක් කුදලාගනියි

වෙන්නප්පුව - උල්හිටියාව ප්‍රදේශයේ වැල්ල මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ත්‍රීරෝද රථයක් පා පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


අනතුරින් බරපතළ තුවාල ලැබූ පා පැදිකරු මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ උල්හිටියාව, මහපාඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකි.


අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.



Post a Comment