වාසනාව සොයන්න ගිහින් 4ක් මාට්ටු

නිධන් සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු මහඔය, ටැම්පිටිය, වීරන්තලාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මහඔය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසියක දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබූ කැණීම් කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් සහ පූජා භාණ්ඩ රැසක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.


සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment