පොලිසියේ දෙන්නෙක්ට පිහියෙන් අනී

රාජකාරී කටයුත්තක් සඳහා ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වරකාපොළ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර තිබේ.

බීමතින් ප්‍රදේශයේ විහාරස්ථානයකට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුන පුද්ගලයකු පිළිබඳ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් දෙදෙනා එහි ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රථිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ.


තුවාල ලබා ඇත්තේ වරකාපොළ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් සැරයන්වරයෙකි.



Post a Comment