මාලදිවයින් අත්අඩංගුවේ පසුවන සියලුම ශ්‍රී ලාංකික රැඳවියන් ශ්‍රී ලංකාවට බාර දීමට එරට රජය තීරණය කර තිබේ.
දෙරට අතර සුහදතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් මාලදිවයින් රජය මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.
මාලදිවයින් අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු ශ්‍රී ලංකා බලධාරීන් වෙත බාරදීමට නියමිතය.
මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මෙම තීරණය එරට රජයේ ව්‍යවස්ථාවට අනුකූලව ගන්නා ලද තීරණයක් බවයි.
මේ පිළිබඳ තීරණය ශ්‍රී ලංකා බලධාරීන්හට දැනුම් දි ඇති බව මාලදිවයින් රජය පවසයි.
මේ අතර ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතා ජර්මනියේ පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් හමුවී තිබේ.

Post a Comment