සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 193 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබේ.
දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 196 ක් පමණය.
නවසීලන්ත කණ්ඩායම දෙවන ඉනිම සඳහා ලකුණු 524ක් රැස්කර ගන්නා ලදී.
තරඟයේ ප්‍රථම ඉනිම වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 221ක් ලබාගත්තේය.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 356ක් රැස්කළේය.
තරඟ 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය තරඟ 02ට බින්දුවක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණි.

Post a Comment