මරලා දැම්මාද? වැටිලා මැරුණාද?

වැල්ලවාය, අළුගල්ලේ වැවේ පාවෙමින් තිබි පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ(02) පස්වරුවේ පොලීසිය විසින් මළ සිරුර ගොඩට ගෙන ඇති බව වාර්තා වෙයි.


මියගොස් ඇත්තේ 34 හැවිරිදි වැල්ලවාය ආදවලයාය ප්‍ර දේශයේ පදිංචිව සිටි අයෙකි.


පසු ගිය 31 වන දා අදාළ පුද්ගලයා තවත් අයෙකු සමඟ අළුගල්ලේ වැව ආසන්නයේ මත්පැන් පානය කර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශන වළදී අනාවරණය වී තිබේ.


ඒ අනුව සැකපිට මත්පැන් පානය කිරීමට එක් වූ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment