රට සල්ලි රට ගෙනියන්න බැරිවෙයි

විදේශ මුදල් තොගයක් නීති විරෝධීව තායිලන්තයට රැගෙන යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අමෙරිකානු ඩොලර් 34,600ක් ඔහු විසින් රැගෙන යාමට උත්සාහ දරා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.


එම විදේශීය මුදල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 46ක් වන බව ඔහු සඳහන් කළේය.


තායිලන්ත ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද(03) අළුයම 01.30ට පමණ මෙම පුද්ගලයා තායිලන්තයේ බැංකොක් බලා ගමන් කිරීමට සුදානම් ව සිටි බව සඳහන් වෙයි.


සැකකරු ගම්පහ, වැලිවේරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.


ඔහු රුපියල් ලක්ෂයක දඩයකට යටත්ව මුදාහැර ඇති අතර , අදාළ විදේශීය මුදල් තොගය රාජසන්තක කළ බව ලෙස්ලි ගාමිණී මහතා පවසයි.



Post a Comment