වීරකැටිය, ගුරුගොඩැල්ල ප‍්‍රදේශයේ නිවසක පෙරේදා (13) රාත‍්‍රී ලොරියක් ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් ලොරියට ගිනි තැබීමට පෙර එහි නිදා සිටි පුද්ගලයාගේ පපුවට හා හිසට වෙඩි තබා ඇති බව අද (15) සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.
හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ.එස් සෙනෙවිරත්න මහතා විසින් මේ බව තහවුරු කළ බව අප වාර්තාකරු පැවසීය.
පෙරේදා වූ එකී සිදුවීම පළමුව වාර්තා වුයේ ලොරියකට ගිනි තැබීම නිසා එහි නිදා සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බවය.

Post a Comment