වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඩබ්ලිව් ශිරෝමි නැමැති තිදරු මවක් වසර දෙකහමාරක් තිස්සේ අම්බලන්ගොඩ, මෝදර දේවාලය අසළ නිවසක ජීවත් වෙමින් සිට තිබේ.
සුනාමියෙන් හානි වූ නිවසක් වන එය ප්රදේශෙය් කාන්තාවක් විසින් ඇයට ලබාදී ඇත්තේ දරුවන් සමග අසරණ වී සිටි ඇය ගැන අනුකම්පාවෙනි.
ඇයට නිවස ලබාදුන් එම කාන්තාව හිටපු ජනපතිට මැතිවරණයේදී සහය කර තිබේ.
කෙසේ වුවද මෙම තිදරු මව මැතිවරණයේදී මෛත්රිපාල සිරිසේන මහතාට සහය පළ කර ඇති අතර ජයග්රහණයෙන් පසුව පැවැති උත්සව වලට ද ඇය සහභාගි වී ඇත.
මෙහි ප්රතිඵලයක් ලෙස නිවෙස් හිමි කාන්තාව පවසා ඇත්තේ මෛත්රීට වැඩ කළා නම් එයාගෙන් නිවසක් ඉල්ලා ගන්නා ලෙසය.
දියණියකගේ හා පුතුන් දෙදෙනෙකුගේ මවක් (37) වන ඇය ඔවුන් ජීවත් කර ඇත්තේ කුලී වැඩ කරමිනි. සැමියා ද ඇය හැරගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.
සැමියා පමණක් නොව දැන් උන් හිටි නිවසද අහිමි වී මෝදර දේවාලයේ ස්තෝප්පුවට වී අසරණව සිටින අයුරුය මේ.
මීට වගකිව යුත්තා කවුදැයි විචාරීම ඔබ සතුය.

Post a Comment