දේශීය ආහාර නිෂ්පාදනයට ජාත්‍යන්තර සහය

දේශිය ආහාර නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනිමට ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව ,අමෙරිකාව ,බෙල්ජියම,ඉන්දියාව, ජර්මනිය, එංගලන්තය සහ ස්පාඤ්ඤ යන රටවල ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.


එසේම දේශියව නිෂ්පාදනය කරනු ලබන ඇතැම් ආහාර ද්‍රව්‍ය වල අතිරික්තයක් පවතින අතර ඒවා කල් තබා ගැනීම හෝ අතුරු නිෂ්පාදන සඳහා යොමු කිරීමේ වැඩසටහනක් නොමැති බව අමාත්‍යවරයා පවසයි.


මේ හේතුවෙන් අදාළ රටවල ව්‍යාපාරිකයින්ට ඒ සඳහා අවස්ථාව ලබාදීමට ඊයේ පැවැති සාකච්ඡාවේ දී යෝජනා වී තිබේ.


එහිදී ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයින් පිරිසක් අදාළ යෝජනාව සඳහා සහය පළ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.



Post a Comment