ආරච්චිකට්ටුව සභාපති රිමාන්ඩ්

පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභා සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා රක්ෂිත බන්ධානාගාර ගතකර තිබේ.

ඔහු ලබන 06 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් ශිරන්ත මංචනායක මහතා විසින් නියෝග කර ඇත.


පසුගිය 08 වැනි දා හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ අවන්හලකට කඩාවැදී එහි සිටි පුද්ගලයින් තිදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභා සභාපති ජගත් සමන්ත පෙරේරා මහතාට චෝදනා එල්ලවී තිබුණි.


ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා ඊයේ අධිකරණයට භාර වීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Post a Comment