පෙට්ටි එක්කම ජීප් එක හැප්පෙයි

හෙට(08) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබු ජීප් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

අදාළ අනතුරින් ජ්‍යේෂ්ඨ ඡන්දපොළ බාර නිලධාරීවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු මෙන්ම පොලිස් කොස්තාපල්වරයෙකුටද තුවාල සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.


නුවරඑළිය ගාමිණි විද්‍යාලයේ සිට ගිනිගත්හේන, මිණුවන්දෙණිය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ ජීප් රථයක් මෙසේ අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි.


කිතුල්ගල සිට හැටන් දක්වා ධාවනය වූ ලොරි රථයක අදාළ ජීප් රථය මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුවී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment