වෙන්නප්පුවේ කැස්බෑ ජාවාරමක්

මහවැව ධීවර කාර්යාලයේ නිලධාරීන් විසින් වෙන්නප්පුව, උල්හිටියාව වෙරළ තීරයේ සිදුකරගෙන ගිය කැස්බෑ ජාවාරමක් අනාවරණය කරගෙන තිබේ.

අද දහවල් සිදුකළ වැටලීමකදී එම ස්ථානයේ සිටි කැස්බෑවුන් 17 දෙනෙකු සොයා ගැනීමට ධීවර කාර්යාලයේ නිලධාරීන් සමත්ව ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.


එම කැස්බෑවන් අතුරෙන් ජීවත්ව සිටි සත්වයින් හතර දෙනෙකු යළි මුහුදට මුදාහැර ඇත.


එම ස්ථානයේ තිබී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබු කැස්බෑ මස් තොගයක් ද මහවැව ධීවර කාර්යාල නිලධාරීන් භාරයට ගෙන තිබේ.


අදාළ ජාවාරම සිදුකළ පුද්ගලයින් මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.


ඡායා රූ - ජූඩ් සමන්ත



Post a Comment