වයඹ පළාත් සභාවම මෛත්‍රී පාලනයට එයි

වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළුව එම පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනා එක්වී වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට සහය දීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් සභාවේදී අද (13) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසීය.


ජනාධිපතිතුමා ගන්නා ඕනෑම තීන්දුවකට යටත්ව කටයුතු කිරීමට සියලූම පළාත් සභාවලට සිදුවන බැවින් ඔහුගේ යහපාලනයට සහය දෙන බව එහිදී මහඇමතිවරයා කියා සිටියේය.



Post a Comment