සපුගස්කන්ද, හෙයියන්තුඩුව, මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ රුව සහිත බිත්ති ඔරලෝසු තොගයක් සොයාගෙන තිබේ.
අදාළ ගබඩාවේ සැකකටයුතු ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මත සපුගස්කන්ද පොලිසිය විසින් සිදුකළ සෝදිසියකදි මෙම ඔරලෝසු සොයාගෙන ඇති බව සඳහන්ය.
ඒ අනුව එම ගබඩාවේ තිබී බිත්ති ඔරලෝසු 68,000ක් සහ මැතිවරණ පෝස්ටර් තොගයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
අදාළ ගබඩාව වරාය අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 15ක මුදලකට කුලියට ගත් බවට එහි හිමිකරු විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

Post a Comment