බුද්ධදාසත් එපා - වැලිමඩත් විරෝධතා

ඌව පළාත් සභාවේ සභාපති, සන්ධාන මන්ත්‍රී ඒ.එම් බුද්ධදාස මහතා එම පළාත් සභාවේ බලය හිමිකරගත් එක්සත් ජාතික පක්ෂයට ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා වැලිමඩ නගරයේ ඔරාලෝසු කණුව ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි.

ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂනායක උපාලි සමරවීර මහතා ද උද්ඝෝෂණකරුවන් අතර සිටියි.


බුද්ධදාස මහතා ඌව පළාත් සභාවේ මහඇමති ධූරය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා ගැනීම සඳහා දිවුරුම් ප්‍රකාශ දුන් එම පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීන් 5 දෙනාගෙන් අයෙකි.


ඊට සහය දුන් අනෙක් සිව්දෙනා වන්නේ අමාත්‍ය අනුර විදානගමගේ, වඩිවෙල් සුරේෂ, හරින්ද්‍ර ධර්මදාස හා සෙනරත් අත්තනායක යන අය වේ.



Post a Comment