මහඇමතිවරයා අද ඔහුගේ නිල නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඌවේ මහඇමතිවරයා පත්කිරීමේ ක්‍රියාවලියේදී එහි ආණ්ඩුකාරවරයා මැදිහත් වූ ආකාරය පිළිගත නොහැකි බවයි.
මේ බව ඔහු බස්නාහිර ආණ්ඩුකාරවරයාට ලිපියකින්ද දැනුම්දී තිබේ.
එම ලිපියේ සඳහන් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ (4) වගන්නියට අනූව
පළාතක් සඳහා සංස්ථාපිත පළාත් සභාවේ යම් කිසි මන්ත්‍රීවරයෙකු ඒ පළාත් සභාවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට සමත් වන්නේ යැයි ආණ්ඩුකාරවරයා කල්පනා කෙරේද ආණ්ඩුකාරවරයා විසින් ඒ මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යධූරයට පත් කළ යුත්තේය.
එසේ වුවද පළාත් සභාවකට තෝරාපත් කර ගනු ලැබ ඇති මන්ත්‍රීවරුන්ගෙන් දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් එක් දේශපාලන පක්ෂයකට අයත් සාමාජිකයින් වන අවස්ථාවක ආණ්ඩුකාරවරයා විසින් එම සභාවේ එම දේශපාලන පක්ෂයේ නායකයා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත් කළ යුත්තේය.
ඉහත සඳහන් පරිදි බස්නාහිර පළාත් සභාවේ එක් පක්ෂයකට හිමි බහුතර බලය ඇත්තේ තමන්ට බව ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩුකාරවරයා වෙත එම ලිපිය මගින් දක්වා තිබේ.
2014 මාර්තු මැතිවරණයට අනූව බස්නාහිර පළාත් සභාවේ සම්පූර්ණ මන්ත්‍රී ගණන 104කි.
ඉන් 56 දෙනෙකුම සන්ධාන මන්ත්‍රීන් බවත්, ඒ අනූව තනි පක්ෂයක් ලෙස මන්ත්‍රීවරුන්ගෙන් දෙකෙන් එකක් එනම් 52ට වැඩි ගණනක් සන්ධානය සමග සිටින බව හෙතෙම පෙන්වාදෙයි.
තවද සන්ධාන මන්ත්‍රීන් 56 දෙනාගෙන් කිසිවෙකුත් පක්ෂයෙන් ඉල්ලා අස්වී නොමැති බැවින් තමාට තවදුරටත් මහඇමති ලෙස කටයුතු කිරීමට බලය ඇති බවද, ප්‍රසන්න රණතුංග කියයි.
එසේ තිබියදී සන්ධානයේ ලිඛිත දැනුම්දීමකින් තොරව ඔබතුමා විසින් වෙනත් අයෙකු මහඇමති ලෙස පත් කළහොත් උසාවියට යන බව ඒ මහතා ආණ්ඩුකාරවරයා වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.
ඌව පළාත් සභාවේ මහඇමති ලෙස කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එහි බලය පෙන්වීමට නොහැකි වූ නිසා හරීන් ප්‍රනාන්දු ඊයේ එහි මහඇමති ලෙස දිවුරුම්දෙන ලදී.

Post a Comment