පොලිස් නිලධාරීන් බව පවසමින් ව්‍යාපාරිකයින් බියගන්වා මුදල් කොල්ලකෑමේ නිරතව සිටි පුද්ගලයින් සිව් දෙනෙකු කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කොච්චිකඩේ පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
සැකකරුවන්ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් විසින් සිදුකරන ලද තවත් කොල්ලකෑම් කිහිපයක් පිලිබඳවද තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24, 28 සහ 32 වන වියේ පසුවන පන්නල, මීගමුව, දංකොටුව සහ කොටුගොඩ ප්‍ර දේශවල පදිංචි පුද්ගලයින් බව සඳහන්ය.
ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment