පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී හෝ වෙනත් අත්‍යවශ්‍ය නොවන කටයුතු වලදී මව්පියන්ගෙන් මුදල් අය කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
2015 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් ගාල්ල මහින්ද විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
දේශපාලඥයින්ගේ ලැයිස්තුවලට අනුව ළමුන් පාසල්වලට ඇතුළත් කරගැනීම වහාම නවතා දැමිය යුතු බවද අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර ඇත.
දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඉහළ තනතුරු ලබාදීමේ දී සුදුසුකම් පමණක් සැලකිල්ලට ගන්නා බව ප්‍රකාශ කළේය.
ගුරු වැටුප් විෂමතාව කඩිනමින් ඉවත් කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා අද පැවති උත්සවයේදී පැවසීය.

Post a Comment