අගවිනිසුරුගෙන් ප්‍රකාශයක් ගැනීම යහපත් පුර්වාදර්ශයක්

අගවිනිසුරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම අනාගතයට යහපත් පුර්වාදර්ශයක් වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා පවසන්නේ අගවිනිසුරුට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව ප්‍රශ්න කිරීමේ බලය පොලිසියට හිමි වන බවයි.


එසේම නීතිය සැමට සමාන බව එහි අර්ථ දක්වා ඇති බව අජිත් පතිරණ මහතා පෙන්වා දෙයි.


විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් ප්‍රශ්න කරණ ලදි.



Post a Comment