ජනවාරි 8 වන දිනයෙන් පසු සමාජ පරිවර්තනයක් කර නව තාක්‍ෂණය සමග බද්ධවන නව ලෝකයට ගැලපෙන ආර්ථික සංවර්ධනයක් ඇතිකරන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (5) කටුබැද්ද ප්‍රදේශයේ පැවති ජනරැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
අද තරුණ පරපුර තාක්‍ෂණයත් සමඟ බද්ධව කටයුතු කරන බවත්, ඔවුන්ට ගැලපෙන අනාගතයක් මෛත්‍රී පාලනයක් තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
කැසිනෝ, හෙරොයින්, ගණිකා වෘත්තිය වැනි දේ රාජපක්‍ෂ පාලනයේ මූලික ආදායම් උපයන මාර්ග බවට පත්ව ඇති බවත්, ජනවාරි 8 වැනදායින් පසු විනය ගරුක සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමට ඇපකැප වෙන බවත් එහිදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

Post a Comment