නුගේගොඩ, ජුබිලි කණුව ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක තිබී ශබ්ද පරිපාලන උපකරණ තොගයක් පොලිස් බාරයට ගෙන තිබේ.
ලැබුණු තොරතුරකට අනූව එම ස්ථානය වැටලූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.
මුදල් පිර වූ ලොරි රථයක් අදාළ ස්ථානයේ නවතා ඇති බවට ලැබුණු තෙරතුරකට අනුව මිරිහාන පොලිසිය විසින් එම ස්ථානය පරීක්ෂා කළ අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙන්ම මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

Post a Comment