ඉගිනියාගල නිදන්‍ සෙවු 6ක් මාට්ටු

නිදන් සෙවීමේ අරමුණින් කැනීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු ඉගිණියාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉගිණියාගල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී කැණීම් සඳහා යොදා ගත් උපකරණ කිහිපයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.


සැකකරුවන් අම්පාර සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment