ගිනි කෙළි අනතුරු සිද්ධීන් 9ක්

නව අවුරුදු උදාවත් සමග ගිනි කෙළි භාවිතය හේතුවෙන් සිදුව ඇති අනතුරු 9 ක් ගැන තොරතුරු වාර්තා වී තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මේ දක්වා කාලය තුළ එම අනතුරු වාර්තා වී ඇති බව ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛදය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.


ගිනි කෙළි භාවිතය හේතුවෙන් තුවාල ලැබු තරුණයින් දෙදෙනකු මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව අනිල් ජාසිංහ මහතා පැවසුවේය.


අනෙක් පුද්ගලයින් 7 දෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සඳහන්ය.


මේ අතර පසුගිය දින දෙක තුළ පමණක් මාර්ග සහ ගෘහාශ්‍රිත අනතුරු හේතුවෙන් පුද්ගලයින් 185 දෙනෙකු ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.



Post a Comment