පොළොන්නරුවේ ප්‍රාදේශීය සභා 6ක මන්ත්‍රීන් 17ක් මෛත්‍රී සහයට

පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය සභා 6කින් සභාපතිවරු දෙදෙනෙක්, උප සභාපතිවරුන් දෙදෙනෙක් ඇතුළුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් 17 දෙනෙකු ඉදිරි ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

පොළොන්නරුවේදී අද (01) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව පැවසූ බව අප වාර්තාකරු පැවසීය.


ඒ අනූව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්න ඥානරත්න මහතා හා තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති හේමසිරි මුණසිංහද දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ උප‍සභාපති පුෂ්පකුමාර රණසිංහ හා ලංකාපුර ප්‍රාදේශීය සභාවේ උපසභාපති බන්දුල සමන්සිරිද මෛත්‍රිපාල සිරිසේනට සහය ලබාදෙන අය අතර වේ.


ඉහත ප්‍රාදේශීය සභා හතරේ මන්ත්‍රීන් සිව්දෙනාද ඇතුළුව මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය ලබාදෙන සෙසු ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීන් ගණන පහත පරිදිය.


තමන්කඩුව මන්ත්‍රීන් 7යි


ලංකාපුර මන්ත්‍රීන් 4යි


හිඟුරක්ගොඩ මන්ත්‍රීන් 2යි


වැලිකන්ද මන්ත්‍රීන් 2යි


මැදිරිගිරිය මන්ත්‍රීන් 2ක්



Post a Comment