තලවකැලේ සිට හැටන් හරහා ගිනිගත්හේන දක්වා මත්පැන් බෝතල් තොගයක් නීති විරෝධිව ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී මත්පැන් බෝතල් 795ක් හැටන් පොලිසියේ නිලධාරීන් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment