මැතිවරණ රාජකාරී කටයුතු වල නියැලෙන කුරුණෑගල ප්‍රදේශයේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ රියදුරන් සහ සහයකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.
කුරුණෑගල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ඉදිරිපිට මෙලෙස එම පිරිස වර්ජනයේ නැයැලෙන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
අදාළ රියදුරුන්ගේ සහ සහයකයින්ගේ උදෑසන ආහාරවේල මැතිවරණ රාජකාරියේ නියුතු නිලධාරීන් විසින් ලබා දීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙලෙස වර්ජනයේ නියැලෙන බවට වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටින මැතිවරණ නිලධාරීන්ගේ විමසු අවස්ථාවේ ඔවුන් සඳහන් කර සිටියේ අදාළ රියදුරන්ට සහ සහයකයින්ට උදෑසන ආහාර ගැනීමට අවශ්‍ය මුදල් සම්පාදනය කර ඇති බවයි.

Post a Comment