මනස අවුල් කරන නව ජනමාධ්‍යයට අහුවෙන්න එපාලු?

නූතන ජනමාධ්‍ය ජන මනස අවුල් කරමින් සිටින බවත්, එයට හසුවිය යුතු නැති බවත් යෞවන හා නිපුණතා කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පසුගියදා අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් විසින් මෙවර ජනාධිපතිවරණයෙන් ජය ලැබිය හැක්කේ කාටද යන්න පිළිබඳ පවසන ලද පදනම් විරහිත ප්‍රතිඵල පිළිබඳ නවමාධ්‍යවල පුවත් පළවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.


මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තේමා පාඨයන් වන ‘ඉවසුවා ඇති‘ - ‘මෛත්‍රී පාලනයක්‘ යන්න එකිනෙකට නොගැලපෙන බවත් අලහප්පෙරුම මහතා කියා සිටියේ අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


ජනතා විමුක්ති පෙරමුණ මීට පෙරාතුව ද්‍රවිඩ ඩයස්පෝරාව සමග පවත්නා ගිවිසුම් හෙළිකරන ලෙස ඉල්ලා නෝර්වේ,අමෙරිකානු තානාපති කාර්යාල ඉදිරිපට උද්ඝෝෂණ සිදුකළ බවත්,පඹයින් පුළුස්සා විරෝධය දැක්වූ බව අමාත්‍යවරයා සිහිපත් කළේය.


එසේ වුවද ඔවුන් ද්‍රවිඩ ඩයස් පෝරාවේ අවශ්‍යතාවන් ඉටුකරන ද්‍රවිඩ ජාතික සන්ධානය සමග හෝ හකීම් සමග පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කරන ලද ගිවිසුම් හෙළිදරව් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ නොකරන බව ඔහු සඳහන් කළේය.


එබැවින් ජනතා විමුක්ති පෙරමුණ මෙම ගිවිසුම් සම්බන්ධව නිහඬවීම පිළිබඳ වහා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment