ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කාමර 5ක් මුද්‍රා තබයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටි කාමර පහකට මුද්‍රා තබා තිබේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් මත මෙම මුද්‍රා තැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.


සංස්ථාව සතුව ඇති ලිපිගොනු කිසියම් පිරිසක් විසින් රැගෙන යාමට උත්සාහ කරන බවට ලැබුණු තොරතුරක් මත මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.


ඒ අනුව සභාපතිවරයාගේ, කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීන් තිදෙනෙකුගේ කාමර මෙලෙස මුද්‍රා තබා තිබේ.



Post a Comment