ගංජා තොගය ඇඹිලිපිටියට ගෙනයන්න බැරිවෙයි

තණමල්විල සිට ඇඹිලිපිටියට ප්‍රවාහනය කරමින් තිබූ ගංජා කිලෝ 136 ග්‍රෑම් 500ක් සමග පුද්ගලයෙකු මොරකැටිය මාර්ග බාධකයේදී සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පස්වරු 2ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙතෙම හෙට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සෙවනගල පොලිස් ස්ථානාධිපති නිලන්ත බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් මේ ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Post a Comment