ගම්මන්පිලට ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් තිබුණේ නෑ

උදය ගම්මන්පිල මහතා ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් ඇතිකරගත් කෙනෙකු නොවන බවත්, ඔහු පෞද්ගලික තීරණයක් ගෙන ඇති බවත් ජාතික හෙළ උරුමයේ නායක,පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

එකී පෞද්ගලික තීරණ ලබාගත්තේ කුමන හේතුවක් මතද යන්න ගැටළු සහිත බව උන්වහන්සේ කියා සිටියේ බත්තරමුල්ල ජාතික හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ (12) අද උදෑසන පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.


එහිදී සෝභිත හිමියන් මෙසේද සඳහන් කළේය.


“මාස ගණනක් ගිවිසුම් තීරණ වලට එළඹිලා ප්‍රතිපත්ති හදන්න වාක්‍ය සංශෝධනය කරන්න පවා උදය ගම්මම්පිල මහතා බොහෝ වෙහෙසමහන්සිව කටයුතු කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ගිවිසුම් අත්සන් කරන මොහොතේ පවා එතුමා විරෝධය පළකළේ නෑ. ඊට එකඟව සිටියා. අභිනයක් වත් පළකළේ නෑ. එලෙස විරෝධය පල කළානම් කිසි කලක ඉන් ඉදිරියට යන්නට මම ඉන්නකම් කටයුතු කරන්නෑ. මේ ගිවිසුම මධ්‍යම කාරක සභාවේ 100% එකඟතාවය මත අත්සන කළ ගිවිසුමක්. ගිවිසුම අත්සන කර දින දහයකට පස්සේ තමයි මෙම ප්‍රශ්නය මතුවෙලා තිඛෙන්නේ. මීට දින දෙකකට පෙර උදය ගම්මම්පිලගෙන් ප්‍රශ්නයක් ඇද්දැයි විමසූ විට ප්‍රශ්නයක් නැති බව ඔහු ප්‍රකාශ කළා“ යනුවෙන් උන්වහන්සේ කියා සිටියේය.


මෙම අවස්ථාවට එක්වූ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා මෙසේ කියා සිටියේය.


“පසුගිය අවුරුදු 9 ක් තුළ අපි හොඳ නරක බැලූවා. අභාග්‍ය කවරාකාරය වේද කියලා ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය හා සාමාජ ආර්ථීකය ස්ථාපිත විය යුතුයි. ඛෙදුම්වාදය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. බරපතළ විදියට ආර්ථීකය බංකොලොත් වුණා. දූෂණය වංචාව, ආර්ථීකය බංකොලොත් තරමටම ආවා. ඒ නිසා යහපාලනය ගැන තදින්ම හිතන්න ඕන. අපේ ප්‍රතිපත්ති පළමුව ජානාධිපතිට ඉදිපත් කළා. දෙවනුව පොදු අපේක්ෂකට ඉදිරිපත් කළා. යහපාලනයක් වෙනුවෙන් මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි. පුද්ගලයින් එහා මෙහා උනාට පිරිස් යොදාගෙන මඩ ප්‍රහාරය එල්ල කළාට කලකිරෙන්නෑ.“


එසේම මෙම අවස්ථාවට එක්වූ ජාතික හෙළ උරුමයේ සභාපති,පූජ්‍ය අතුරලියේ රතන හිමි කියා සිටියේ මේ ප්‍රශ්නය උගත් මිනිසුන්ගේ හෘද සාක‍ෂි එක්ක විසෙඳන ප්‍රශ්නයක් බවයි.


එසේම දහස් ගණනක ජනතාවක් විශාල බලාපොරොත්තු තියාගෙන සිටින බවත්, මේ මාතෘකාව තවදුරටත් කතාකළ යුතුව ඇති බවත් සඳහන් කළේය.


මෙම අවස්ථාවට මධ්‍යම කාරක සභික රන්පත්වල විමල රතන හිමි, උදය ගම්මම්පිල මහතාගේ හිටපු මහජන සම්බන්ධීකරණ ලෙකම්වරුන් වන සුනිමල් ජනරංජන මහතා සහ ප්‍රභාත් මහීපාල මහතා ඇතුඵ පිරිසක් සහභාගි වූහ.



Post a Comment