දමිතා, සේමිණීගෙන් කෝටි 10 ක් ඉල්ලයි

තමාට අපහාස වන ආකාරයේ පුවත් වෙබ් අඩිවිවල පළකිරීම නිසා තමාට සිදු වූ අපහසුතාව වෙනුවෙන් රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩගෙන් රුපියල් කෝටි 10 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලමින් රංගන ශිල්පිනී දමිතා අබේරත්න කොළඹ දිසා අධිකරණයෙන් හරස් ඉල්ලීමක් මගින් ඉල්ලා සිටියාය.

දමිතා අබේරත්නගෙන් කෝටි පහක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලමින් සේමිණී ඉද්දමල්ගොඩ කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති නඩුවට පිළිතුරු සපයමින්, හරස් ඉල්ලීමක් මගින් දමිතා අබේරත්න නඩුවේ පැමිණිලිකාරියගෙන් මෙලෙස කෝටි 10 ක් ඉල්ලා සිටියාය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment