ඉන්දිය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිය ධීවරයින් 12 දෙනෙකුට ඇප ඉල්ලීම සඳහා ව්‍යවස්ථානුකූලමය අයිතියක් පවතින බව තමිල්නාඩු අධිකරණයක් ප්‍රකාශ කර තිබේ.
එම ධීවරයින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.ජයරාජන් මෙය ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
අදාළ ධීවරයින් 12 දෙනා දින 60කට වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිටිම හේතුවෙන් ඔවුන්ට ඇප ඉල්ලීමට අයිතියක් පවතින බව මහේස්ත්‍රාත්වරයා පවසා ඇත.
අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස කන්‍යාකුමාරි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතවෙමින් සිටිය දී පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා තරුවයිකුලම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
කෙසේ වෙතත් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනි දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

Post a Comment