අයියාගේ දරුවා 20,000 විකිණීමේ සැලසුම මල්ලීට වරදියි


අයියාගේ වයස අවුරුදු 4ක දරුවා රුපියල් 20,000ට අලෙවි කිරීමට තැත් කළ මල්ලී ගම්පොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


26 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


මෙම පුද්ගලයා සිය සහෝදරයාගේ දරුවා රුපියල් 20,000ට අලෙවි කිරීමට යන බව සැලවීමෙන් පසු ගම්පොළ පොලීසිය උපායදූතයෙකු ලවා සැකකරු දරුවා ද සමග ගම්පොළ දුම්රිය ස්ථානය ආසන්නයට ගෙන්වා ගැනීමට සමත්ව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.


එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ගම්පොළ පොලීසිය ආරම්භ කර ඇත.


සැකකරු ගම්පහ දොළොස්බාගේ පදිංචිකරුවෙකු වන අතර වැටලීම අද දහවල් 2.30ට සිදුකර තිබේ.



Post a Comment