දේශපාලන වශයෙන් කිසිවෙකුට අපවාද එල්ල කිරීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රටත්, ජනතාවත් දිනවන වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
අනාගත පරපුර වෙනුවෙන් රට ආරක්ෂා කරගැනිමේ වගකීම සියලු දෙනාටම පැවරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා අසත්‍ය ප්‍රචාර වලට නොරැවටි මාතෘ භූමිය දිනවන ගමන ඉදිරියටම ගෙන යාමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව ඔහු කියයි.
අද දිනයේ මාතර ප්‍රදේශයේ සංචාරය කරන ජනාධිපතිවරයා අකුරැස්ස සහ තෙලිජ්ජවිල යන ප්‍රදේශ වල පැවති ජන හමු වලට සහභාගි වෙමින් මෙම අදහස් පළ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ රටේ ජනතාව වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය කිසිදිනෙක කඩ නොකරන බවයි.

Post a Comment