ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හෙට(04) සිට කර්මාන්ත ශාලාවේ අළුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සඳහන්ය.
මෙම අවස්ථාව සඳහා සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද සහභාගි වීමට නියමිතය.
මෙම කර්මාන්ත ශාලාව නැවත පණ ගැන්වීමෙන් අනතුරුව නැගෙනහිර පළාතේ ගොවි පවුල් 25,000කට පමණ රැකියා අවස්ථා සැළසෙන බව වාර්තා වෙයි.
සෙවණගල - පැල්වත්ත යන කර්මාන්ත ශාලා දැනට වාර්ෂිකව නිෂ්පාදනය කරන 6% ක සීනි නිෂ්පාදනය 2020 පමණ වන විට 20% දක්වා වැඩි වැඩිකිරීමට මේ හරහා අපේක්ෂා කරන බව සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.
දැනට මෙරටට අවශ්‍ය සීනි ප්‍රමාණයෙන් 94%ක් වාර්ෂිකව ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා වාර්ෂික ව රුපියල් කෝටි 55,000ක විදේශ විනිමයක් රජය වැය කරන බව එම අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පැවසුවේය.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීමෙන් පසු ඉන් හරි අඩක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Post a Comment