ඔයට වැටුණු දැරිය අතුරුදහන්‍ වෙලා

උඩුදුම්බර, පෝප්පිටිය ප‍්‍රදේශයේදී කුඩා දැරියක දියේ ගිළී අතුරුදන්ව තිබේ.

ප්‍රදේශයේ ගෙදර ඔය නැමැති ස්ථානයකින් පියා සමඟ එගොඩ වීමට උත්සාහ කළ අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


මෙලෙස අතුරුදන්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 06 හැවිරිදි දැරියකි.


පියාද ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇතත්, ඔහු දිවි බේරාගෙන ඇති බව සඳහන්ය.


අතුරුදන් වු දැරිය සෙවීමේ කටයුතු මේ වනවිට පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ආරම්භ කර තිබේ.



Post a Comment