උඩරට දුම්රිය මග නවතියි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

පස් කන්දක් කඩාවැටීමෙන් සහ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.


ඇල්ල - හීල්ඔය අතර ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී ඇති අතර හැටන්, කොටගල ප්‍රදේශයේ දී තෙල් ප්‍රවාහන දුමිරියක් පීලි පැනීමට ලක්ව ඇති බව සඳහන්ය.


මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට කොළඹ සිට හැටන් දක්වා පමණක් සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.


පවතින බාධා හේතුවෙන් බදුල්ලේ සිට කොළඹට ඊයේ රාත‍්‍රී ධාවනය වීමට තිබූ තැපැල් දුම්රිය අවලංගු කෙරුණු අතර අද(03) පෙරවරු 05. 55 ට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය හැටන් දක්වා පමණක් ධාවනය කළ බව පාලක මැදිරිය සඳහන් කළේය.



Post a Comment