බගවන්තලාව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය වැඩවර්ජනයක නිරත වේ.
අදාළ රෝහලේ වෛද්‍යවරුන්ගේ සේවය නිසි පරිදි ඉටු නොවන බව පවසමින් ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයකට විරෝධය පළ කිරීම සඳහා ඔවුන් මෙලෙස වැඩ වර්ජනයේ නිරත වන බව සඳහන්ය.
පසුගිය දා බගවන්තලාව ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු මියැදුණි.
එම කාන්තාවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කඩිනමින් බගවන්තලාව රෝහලට ඇතුළත් කළද වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් එම මරණ සිදුවු බව පවසමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත විය.
Post a Comment