මෛත්‍රි - ඥානසාර හිමි නඩුව - ගොඩින් බේරාගැනේ

නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතාට තර්ජනය කළ බව පවසමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා තිබු නඩුවක් අද දිනයේ සමතයට පත්ව තිබේ.

අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දි විභාගයට ගැනිණ.


එහිදී පැමිණිලිකාර නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව සමථයකට පත් කරගැනිමට තමන් සූදානම් බවයි.


එම සමතය පිළිගැනිමට තමන් ද සූදානම් බව එහිදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.


ඒ අනුව අදාළ නඩුව සමතයකට පත් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ත‍ිබේ.


මේ අතර ශුද්ධ වු කුරාණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා තිබු නඩුවක් ද අද කැඳවනු ලැබීය.


එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී සිටියේ ඊට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි.


ඒ අනුව අදාළ නඩුව ජනවාරි මස 26 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණ වල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද පොලිසියට නියෝග කර ඇත.



Post a Comment