තමා ආණ්ඩු පක්ෂයට එක්වන බවට පැතිරයන ආරංචිවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි.
ඇතැම් රූපවාහිනී නාලිකාවල තමන් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට එක්වන බවට පුවත් පළකරන බවත්, එකී නාලිකා තමාගෙන් කිසිවක් නොවිමසා එවැනි බොරු ප්‍රචාරයන් ගෙනයාම ඉතාම කනගාටුදායක බවත් මන්ත්‍රීවරයා අද දෙරණට කියා සිටියේය.
ජනාධිපතිවරයා සමගත් සන්ධානයේ ඇතැම් අමාත්‍යවරුන් සමගත් තමාට සුහදතාවයක් ඇතත් එක්සත් ජාතික පක්ෂය හැරයාමට කිසිදු කැමැත්තක් නොමැති බව ඔහු සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයට එක්වන ලෙස හෝ ඒ වෙනුවෙන් තමාට මුදල් ලබාදීමට කිසිවෙකු කතා කර නොමැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
1956 දී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවූ බවත්, 1983 සිට ක්‍රියාකාරී දේශපාලනයේ නියැළෙන බවත්, තමා පක්ෂය තුළ 35 වසරක් ගෙවා ඇති බවත් ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment